Home » , , » The Heat (2013) | පොලිසියේ පිස්සියෝ...[සිංහල උපසිරැසි සමඟ]

The Heat (2013) | පොලිසියේ පිස්සියෝ...[සිංහල උපසිරැසි සමඟ]

The Heat (2013) | පොලිසියේ පිස්සියෝ…! [සිංහල උපසිරැසි සමඟ]




කතාවේ හැටියට සේරා ඈෂ්බර්න් කියන්නේ FBI ආයතනයේ දක්ෂ නිලධාරිණියක්. ඇය ලාකින් නැමති දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ව අල්ලන්න බොස්ටන් නගරෙට පැමිණෙනවා. ඇයට එහිදී වැඩ කරන්න ලැබෙන්නේ ෂැනන් මුලින්ස් නැමති බොස්ටන් පොලිසියේ නිලධාරිණියක් සමගයි. මේ ෂැනන් කියන නිලධාරිණිය හරිම රස්තියාදුකාර මුරණ්ඩු, දඩබ්බර පොලිස් නිලධාරිණියක්. හැබැයි ඉතාමත් තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. කොච්චර තදින් නීතිය ක්‍රියාත්මක කරනවද කියන්නේ ඇගේ සහෝදරයාවත් මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීම නිසා හිරේට දාන්න ඇය දෙපාරක් හිතන්නෙ නැහැ.. ඒ හේතුව නිසාම ඇයව ගෙදරිනුත් පිටුවහල් කරපු තත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඈෂ්බර්න්ට මේ නිලධාරිණියත් සමග වැඩ කිරීම හරිම අමාරු කාර්යයක් වෙනවා. ඒත් ඉතින් අමාරුයි කියලා අතඅරින්න බෑ. මේ ලාකින්ව අල්ලගත්තොත් විතරයි සේරා ඈෂ්බර්න්ට ඇය ආසාවෙන් බලාගෙන ඉන්න උසස් වීම ලැබෙන්නේ. ඒ අතරේ මේ ලාකින් ගැනයි ඔහුගෙ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ගැනයි DEA ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකුත් සෙවිල්ලෙන් පසු වෙනවා. ෂැනන් සහ සේරා දෙපල විසින් ලාකින්ව හොයන්න උත්සාහ දරනවට ඒ දෙන්නා කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. හැබැයි එහෙම උනාට ෂැනන් සහ සේරා තමන්ගෙ උත්සාහය අත අරින්නෙත් නෑ.
ඉතින් යාළුවනේ.. සේරා ඈෂ්බර්න් කොහොමද ෂැනන් මුලින්ස් එක්ක වැඩ කරන්නේ? කවුද මේ ලාකින්? ෂැනන් සහ සේරා විසින් ලාකින්ව අල්ල ගන්න මොන වගේ දේවල්ද කරන්නේ? DEA නිලධාරීන් දෙදෙනා සහ ෂැනන්/සේරා දෙපලට මොන විදිහේ බාල්දි දාවිද? සේරා බලාපොරොත්තු උන උසස් වීම ඇයට ලැබේවිද? නැත්නම් ඇය FBI ආයතනය හැර ගිහින් වෙන මොනව හරි කරාවිද? ෂැනන් මුලින්ස් තමන්ගෙ මුරණ්ඩු ගති අත් හරීවිද? අන්තිමට දෙන්නට හොඳ යාළුවෝ වෙන්න පුළුවන් වේවිද? නැත්නම් මේ දෙන්නා පරම හතුරෝ වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.

Film Download Click Here Sinhala Sub Download Click Here
Share this article :