Home » » 21 & Over (2013) | 21+ කට්ටියට පමණයි [සිංහල උපසිරැසි සමඟ]

21 & Over (2013) | 21+ කට්ටියට පමණයි [සිංහල උපසිරැසි සමඟ]

21 & Over (2013) | 21+ කට්ටියට පමණයි [සිංහල උපසිරැසි සමඟ]




චිත්‍රපටිය 21 & Over. මිනිත්තු 93ක් පුරා දිවෙන කතාව වෙන්නේ හරියටම දවස් එක හමාරක් ඇතුලත.The Hangover කරපු කට්ටියමයි මේකත් කරලා තියෙන්නේ, තේරෙනවනේ පට්ට කතාවක් වෙන්න ඕනේ බව,මීට කලින් මේ වගේ චිත්‍රපටියක් ආවා Project X කියලා. අන්න ඒ වගේ එකක් තමයි මේක. වෙනසකට තියෙන්නේ P.X එකේ තිබ්බේ පාටිය ගෙදර තිබිල වෙන සීන් එකක්, මේකෙ තියෙන්නේ පාටිය පිටින් අරං වෙන සීන් එකක්. ඔන්න කතාව පටං ගද්දි පොඩි හින්ට් එකකුත් දුන්නා එහෙනං මොන වගේ කතාවක්ද කියන එක ගැන. 2013 මාර්තු 1 වෙනිදා තමයි මේක ඇමරිකාවේදි එලියට ආවේ. ඒ කියන්නේ තිරගත වුනේ. IMDb එගයන්ගෙන් 5.6ක රේටින්ග්ස් අරගෙන මේ සතියෙ හොඳම චිත්‍රපටි සීය ඇතුලටත් ඇතුලු වෙලා තියෙනවා මේ වෙද්දි. මීට කලිං ඉතිං තිබ්බෙ කොහොමද කියල බලන්ට IMDb pro එකක් ගන්ට එපැයි. (සල්ලි දෙනවනං අවුලක් නෑ, අරං බලල කියන්නං :v) මේකෙ අධ්‍යක්ෂක තමයි ජෝන් ලූකස්. හෑන්ග්ඕවර් ‍චිත්‍රපටි සෙට් එක ලියන්න දායක උන කෙනෙක් තමයි මෙයත්. කතාව පොඩ්ඩක් කියන්නම්.
ජෙෆ් චෙන්ග්, මිලර්, කේසි කියන්නෙ පාසල් යන කාලෙ ඉදලම හොදම යාලුවෝ. ඉතිං ජෙෆ් චෙන්ග්ගේ තාත්තට මෙයාව වෛද්‍ය ශිෂ්‍යයෙක් කරවන්න ඕන හන්දා වෙන පලාතකට අරං ගිහින් මෙයාට උගන්නනවා. ඒ අතර තුර මිලර් සහ කේසි ජෙෆ් චෙන්ගේ 21වෙනි උපන් දිනය සමරන්න එනවා. කොහොම හරි මෙයාලා දෙන්නා සෙට් වෙලා ජෙෆ්ගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දැනගන්න ලැබෙන්නේ ජෙෆ්ට අනිත් දවසේ සම්මුඛසාකච්ඡාවක් තියෙනවයි කියලා. ඉතිං කොහොම හරි ජෙෆ් බෑ කියද්දිම කේසියි, මිලරුයි ගොඩක්ම මිලර් තමා කේස් එක ඇදලා ජෙෆ්ව එලියට අරගෙන යන්නේ. ඉතිං ජෙෆ්ව ක්ලබ් වලට අරං ගිහින් හොඳටම බොන්න දෙනවා. ජෙෆ්ට අන්තිමේටම හොඳටම පදං වෙලා නැගිටගන්න බැරිම වෙනවා. ඊට පස්සේ මිලර්ටයි, කේසිටයි සිද්ධ වෙනවා අනිත් දවසේ ජෙෆ්ට සම්මුඡසාකච්ඡාව හන්දා ගෙදරට කොහොම හරි ගෙදරට දාන්න වෙනවා. ඒත් අනේ දෙයියනේ, මුං දෙන්නටත් ගෙදර මතක නෑ.. ඔන්න දැං තමා සීන් එක පටං ගන්නේ. මේ අතරතුර තැනකදී ජෙෆ්ගේ යාලුවෙක් වෙන නිකෝල්ව හම්බවෙනවා. ඒ වගේම බාර් එකක් ඇතුලෙ වලියකුත් දාගන්නවා. ඉතින් ගෙදර අමතක හන්දා නිකෝල්ව හොයාගනෙ යනවා. නිකෝල් ජීවත්වෙන්නෙ කුලියට ගත්ත ගෙදරක. ඉතින් එක වගේ ගෙවල් තියෙන හන්දා මෙයාල තුන්දෙනා ගෙදරකට රිංගනවා. හැබැයි වැරදි ගෙදර. කෙල්ලො රොත්තක්. වැඩ වරදිනවා. ගුටි කන්නෙ නැතිව කොහමො හරි ෂේප් වෙනවා. ඊටපස්සෙ නිකෝල්ගේ ගෙදරනං හොයාගන්නවා. හැබැයි නිකෝල් ගෙදර දන්නෙ නෑ කියලා කෙනෙක් ගැන කියනවා එයා දන්නව ඇති කියලා. ඒ තමයි නිකෝල්ගේ පෙම්වතා රැන්ඩි. රැන්ඩි කියන්නේ අපෙ තුන්දෙනා ක්ලබ් එකකදි වලිය දාගත්තු පොර. මොනා කරන්නද ඉතිං. ඔන්න ඔනතින් තමා ගේම ආරම්භ වෙන්නේ. ඒ අතර තුර අර ගුටිනොකා බේරිලා ආපු කෙල්ලො සෙට් එක සෙට් වෙනවා මෙයාලට ගේම දෙන්න. ඒ අතර තුර ජෙෆ්ව ඉන්ටර්විව් එකට යවන්නත් තියෙනවා. ඉතිං….
මිලර්,කේසි ජෙෆ්ව ගෙදරට ගෙනත් දායිද?, රැන්ඩිව හම්බවුනාම මොනවද වෙන්නේ?, අර කෙල්ලො සෙට් එකෙන් මේ තුන්දෙනාට මොනව වෙයිද?, ජෙෆ් වෛද්‍ය ශිෂ්‍යයෙක් බවට පත්කරන්න තාත්ත දරන උත්සාහය සාර්ථක වෙයිඝ, සහ නොයෙකුත් ප්‍රශ්ණ රාෂියකටම උත්තර හොයාගන්න වෙන්නේ ඔයාට මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ තමයි.

Sinhala Sub Download Movie Download
Share this article :