Thor : The Dark World (2013) | විශ්වය නැවතත් යුද්ධයකට [සිංහල උපසිරැසි සමඟ]

Thor : The Dark World (2013) | විශ්වය නැවතත් යුද්ධයකට [සිංහල උපසිරැසි සමඟ]


Thor: The Dark World 2013 කියන්නේ මාර්වල් කොමික්ස්ලාගේ තෝර් කියන චිත්‍ර කතාවේ දෙවෙනි චිත්‍රපටියයි. මාර්වල් ස්ටූඩියෝ එකෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. 2011 වර්ෂයේදී පළවෙනි තෝර් චිත්‍රපටිය ආවනේ. ඉතින් දෙවෙනි කතාව 2013 වසරෙදී ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුලුවන් වුනා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වෙන්නේ ඇලන් ටේයිලර්. මේ Thor: The Dark World චිත්‍රපටිය ආරම්භය 2011 අප්‍රේල් වලදී තමයි සිද්ධ වෙන්නේ. නිෂ්පාදක කෙවින් ප්‍රකාශ කරා මේ චිත්‍රපටි මාර්වල් ඇවන්ජර්ස් චිත්‍රපටියට පස්සේ දාන්න. ඒ වගේම ඒකට සම්භන්ද කරලත්. 2011 ජූලි වෙද්දි කෙනීත්, ඒ කියන්නේ තෝර් පළවෙනි චිත්‍රපටියේ අධ්‍යක්ෂකයා මේ කතාවෙන් ඉවත් වෙනවා. ඒ වෙනුවට 2012 ජනවාරි වෙද්දි ඇලන් ටේයිලර්ව කුලියට ගන්නවා. 2012 අගෝස්තු වෙද්දි චිත්‍රපටිය පටිගත කරලා ඉවරයි. ඒ වගේම 2012 සැප්තැම්බර් වෙද්දි චිත්‍රපටියට අවශ්‍ය කරන ඡායාරූප ලබාගන්න එංගලන්ය, ලන්ඩන් ඇතුලු රටවල් කිහිපයක සංචාරයක යෙදුනා 2012 දෙසැම්බර් 12 වෙනකම්. මේ Thor: The Dark World කියන චිත්‍රපටිය 3D තාක්ෂණයෙන් පැමිණෙන එකක්.
මේ ගැන කියන්න ගියොත්නම් ගොඩක් දේවල් විස්තර කරන්න පුලුවන්. ඒවා දැනගන්නත් අවශ්‍යයි. නමුත් වැඩිපුර ගොඩක් දේවල් සඳහන් කරන්නේ නෑ. (ඇත්තම කිව්වොත් උදේ ඉදං වැඩ හංදා ටයිප් කරන්න කැම්මැලියි :D ) ඉතින් මේ උපසිරැසිය නිර්මාණයේදී යම් යම් උදව් කරා අපේ චතුර සහෝදරයා. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙනවා.
මතක ඇතිනේ ඇවෙන්ජර්ස් චිත්‍රපටියෙන් අපේ මාර්වල් වීරයෙක් වෙන හල්ක්, මේ දෙවියෙක් වෙන ලෝකීව රෙදි අපුල්ලනවා වගේ පොලවේ ගහලා, අන්තිමට අනිත් අයගෙනුත් ගුටිකාලා තෝර් මෙයාව ආපහු එයාගේ ලෝකයට අරගෙන යනවා. ඉතින් එහාට ගියාට පස්සේ ලෝකීව සිරගත කරනවා. මේ අතරතුර පෘථිවියේ ඉන්න තෝර්ගේ පෙම්වතිය ජේන්ට යම් දෙයක් සිඳුවෙනවා. ඒ වසර දහස් ගාණකට කලින් මැලෙකිත් නම් දුෂ්ඨයාට අයිතිව තිබූ ඊතරය යන්නක් ඇයට හම්බවෙලා ඒක ඇගේ ඇගට උරාගන්නවා. ඊටපස්සේ ඇයව කාටවත් බලෙන් අල්ලන්න බැරිවෙනවා. ඒ ඇයව බලසම්පන්න කරනවා මේ ඊතරය විසින්. ඉතින් මේ ඊතරය නැවත ක්‍රියාත්මක වෙන්න පටං ගත්ත නිසා මේ මැලෙකිත් ඇතුලු හමුදාව නැවත ක්‍රියාත්මක වෙලා මේ ඊතරය හොයාගෙන එනවා. මේ ඊතරය ජේන්ගේ ඇගට ඇතුලු වෙච්ච නිසා තෝර් ඇයව ඔහුගේ විශ්වයට අරගෙන එනවා. ජේන් තෝර්ගේ විශ්වයට ආපු නිසා මැලෙකිත් ඔහුගේ විශ්වය ආක්‍රමණය කරන්න සැලසුම් කරනවා. මේ අතරතුර බොහොමයක් සිඳුවීම් වෙනු ලබනවා.


Sinhala Subtitle Download Click Here Film Download Click Here

No comments:

Post a Comment