Ender’s Game (2013)

Ender’s Game (2013)

මෙහි කතා පුවත් ගලා යන්නේ Formics නමින් හදුන්වන සතුරු පිටසක්වල ජීවින් විශේෂයක් පෘතුවිය ආක්‍රමණය කිරීමත් සමගයි.මෙහිදී ඇතිවන යුද්ධයේදී මිනිසුන් විසින් පිටසක්වල ජීවින්ගේ ආක්‍රමණය මැඩ පැවැත්වීමට සමත්වෙනවා. ඒ අභීත යුද ආඥාපති Mazer Rackham (Ben Kingsley) සහ සටනේදී දිවි පිදු සියලු සෙබළුන්ගේ අප්‍රහිත ධෛරය හා කැපවීම නිසායි.
මෙයින් දිරිමත් වූ මිනිස් වර්ගයා ඊලග ප්‍රහාරයක් එල්ලවුහොත් ඒ සදහා සුදානම් වීමක් කරනු ලබනවා.ඒ සදහා උසස් සම්මාන ලද කර්නල් Graff (Harrison Ford) යටතේ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.මේ සදහා බදවා ගනු ලබන්නේ අන්තර්ජාතික හමුදා යටතේ පුහුණුව ලැබූ අති දක්ෂම යෞවනයන්ය.මෙයට තෝරා ගනු ලබන Ender Wiggin (Asa Butterfield) කුලෑටි නමුත් යුද උපායන් පිළිබද විශේෂ බුද්ධියකින් යුතු වන ඔහුගේ චරිතය වටා මෙහි කතාන්තරය ගොඩ නැගී තිබෙනවා.. Ender යුධ පාසලට ඇතුලත් වි ඉතා කෙටි කාලයකින්ම ප්‍රබල යුධ ක්‍රමෝපායන්ගේ අති දක්ෂයකු වන්නේ අනෙකුත් අයගේ දැඩි අගය කිරීම් මැදිනි.එයින් පසුව කර්නල් Graff විසින් Ender ඔවුන්ගේ ආක්‍රමණයකදී ඊලග හොදම යුධ බලාපොරොත්තුව බව වටහාගනියි.ඒ නිසාම උසස්වීමක්ද සමග ඔහුව ආඥාපති Mazer Rackham යටතේ පුහුණුව සදහා යොමු කරනු ලබනවා.
එම පුහුණුව අවසාන කිරීමත් සමගම පිටසක්වල ජීවින් සමග අවසාන සටන ආරම්භ වෙනවා. මෙහිදී Ender ට පෘතුවිය ආරක්ෂා කර ගැනීමට හැකි වෙයිද?
Sinhala Subtitle Download Click Here Film Download Click Here (720p)

No comments:

Post a Comment